2 වැනි ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ මංගල ජය නෙදර්ලන්තයට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2009 ජූනි 06 වෙනි සෙනසුරාදා, 11:06

(කොළඹ, ලංකාපුවත්, ජුනි 06) ලෝක කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදි ඊයේ (05) එංගලන්තය හා නෙදර්ලන්තය අතර පැවති තරගයේදි කඩුලු 4ක තියුණු ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනය අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කළේය. ලුක් රයිට් පන්දු 49කදී ලකුණු 71ක් රැස් කළේය. පන්දු යැවීමේදි රයන් ටෙන් ඩොස්චේට් ලකුණු 35කදී කඩුලු 2ක් බිඳ දැමීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය. ටොම් ඩී. ගෲත් ලකුණු 40ක් රැස් කළ අතර පීටර් බෝරන් ලකුණු 30ක් තම කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේදි ජිමී ඇන්ඩර්සන් ලකුණු 23කදී කඩුලු 3ක් බිඳ දැමීය.

නෙදර්ලන්ත කණ්ඩායමේ ටොම් ඩී. ගෲත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ලකුණු පුවරුව

අවසන් යාවත්කාලීන කිරීම ( 2009 ජූනි 06 වෙනි සෙනසුරාදා, 11:13 )