බැංකු කොල්ලකරුවන්ගේ වෙඩිපහරින් එක් අයක් මරුට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2009 ජූනි 08 වෙනි සදුදා, 12:12

(කොළඹ, ලංකාපුවත්, ජුනි 08) මොරටුව රාවතාවත්ත සෙලාන් බැංකුව කොල්ලකෑමට පැමිණි පුද්ගයන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මරණය‍ට පත්වී තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

අද උදෑසන 9.30ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර බැංකුව කොල්ලකෑමට පැමිණි පුද්ගයන් දෙදෙනා පළා ගොස් තිබේ.

මරණය‍ට පත්වූ පුද්ගලයා බැංකු සේවකයෙකුද ගනුදෙනු කිරීමට පැමිණි අයෙකුද යන වග තවමත් සොයා ‍‍‍ගෙන නොමැති බවත් මොරටුව පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබන බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.