Lankapuvath

You are here: නවතම පුවත් පොදු පුවත් 2 2012 රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 07 වනදා

2012 රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 07 වනදා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

(කොළඹ, ලංකාපුවත්) –"2012 රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය" ලබන බ්‍රහස්පතින්දා (07) ප.ව. 5.00 ට කොළඹ 07, ජෝන් ද සිල්වා සමරු රඟහලේ දි සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලාමණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙය සංවිධානය කරනු ලැබේ.

2012 රාජ්‍ය නර්තන උළෙල දිස්ත්‍රික් හා ජාතික ලෙස තරග වට දෙකකින් සමන්විත වූ අතර සිංහල මාධ්‍ය (උඩරට, පහත රට, සබරගමු සාම්ප්‍රදායික නර්තනය , නව නිර්මාණාත්මක හා සාම්ප්‍රදායික ජන නැටුම් )  තරග ශිර්ෂ 15 යටතේ ළමා අංශය, යොවුන් අංශය, තරුණ අංශය සහ විවෘත යන අංශයන් යටතේ  පැවැත්විණි.

දෙමළ මාධ්‍ය (සාම්ප්‍රදායික භරත නැටුම් සහ නිර්මාණාත්මක නර්තන සහ ජන නැටුම්) තරග ශිර්ෂ 28 කින් ළමා අංශය, යොවුන් අංශය, තරුණ අංශය සහ විවෘත යන අංශයන් යටතේ පැවැත්විණි.

සිංහල මාධ්‍ය අවසන් වටය සඳහා සියලුම ශිර්ෂයන් යටතේ  තරග කණ්ඩායම් 102ක් ද දමිළ මාධ්‍ය අවසන් වටය සඳහ නර්තන කණ්ඩායම් 43ක් වු අතර  අවසන් තරගයෙන් ජයග්‍රහණය කළ තරගකරුවන් 38 දෙනෙක් සදහා මෙහිදී සම්මාන පිරිනැමේ.

ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් මෙවර ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මෙනවිය හා ශාන්තිනි ශිවනේෂන් මහත්මිය ‘නර්තන තිලක’සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

Share/Save/Bookmark