Google+ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට තත්ත්ව සහතික අනිවාර්ය කෙරේ

Lankapuvath

Friday, Aug 01st 2014

උණුසුම් කථා:
You are here: නවතම පුවත් පොදු පුවත් 3 පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට තත්ත්ව සහතික අනිවාර්ය කෙරේ

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට තත්ත්ව සහතික අනිවාර්ය කෙරේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(කොළඹ,ලංකාපුවත්) – ලබන ජනවාරියේ සිට අපනයනය කරන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජී.එම්.පී. සහ එස්.එල්.එස් තත්ව සහතික අනිවාර්ය කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති අනුර ගුණවර්ධන මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අපනයනය සඳහා සූදානම් කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා එස්.එල්.එස් සහතික නිකුත් කරන බවත්, ජී.එම්.පී. සහතිකයද  අදාළ කර්මාන්තශාලාවේ ගුණාත්මක භාවය උදෙසා ලබාදෙන බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
 
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් නිර්මාණය වී තිබීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.
 
මේ වනවිට පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොලේ තරඟකාරීත්වයද ඉහළ ගොස් තිබෙන අතර, බ්‍රසීලය සහ පිලිපීනය යන රටවල්වලින් ලැබී ඇති ඉහළ තරඟකාරීත්වයට, තරඟකාරීත්වයක් ලබාදීම සඳහා අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රමිතකරණයක් ලබාදීමට මෙම පියවර ගනු ලැබු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.