බැනරය
බැනරය
ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර හා රචනා තරගයක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 23 වෙනි සිකුරාදා, 12:40

(කොළඹ, ලංකාපුවත්) මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර හා රචනා තරගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කර තිබේ.

නාගරික නිවාසයන්හි හිමිකරුවන් බවට පත්වන පාසල් දරු දැරියන්ට සංවර්ධනය වන සිය ජනාවාසයන්හි ඇති වැදගත්කමත් ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගිකව දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය දියත් කෙරේ.

සෑම වසරකම පවත්වනු ලබන මෙම චිත්‍ර හා රචනා තරගය දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කරන අතර තරගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දැනටමත් සිදු කෙරේ. ඒ සඳහා වු අයදුම්පත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත හැකි බව එම අධිකාරිය දන්වා සිටියි.

නිර්මාණ භාර ගැනීම ලබන සැප්තැම්බර් මස 08 වැනිදා තෙක් සිදු කෙරෙන අතර ජාතික මට්ටමෙන් පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග තිළිණ සහ සම්මාන පිරිනැමීම ඔක්තෝබර් මස 04 වැනිදා ලෝක ජනාවාස දින ජාතික සමුළුවේදි සිදු කිරීමට නියමිතය.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 23 වෙනි සිකුරාදා, 13:13 )
 

Ads

wap

Ads