| මුරලිගේ තැනට මහේල පත්වෙයි |
|
|
|
| 2010 ජූලි 24 වෙනි සෙනසුරාදා, 13:03 | |||
|
දෙරට අතර නිමා වූ පළමු තරගය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් පසුව ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා මහේල ජයවර්ධන පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අතර පළමු තරඟයට ක්‍රීඩා නොකළ අජන්ත මෙන්ඩිස් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා කැඳවීමට නියමිත අතර පළමු තරඟයේදී ආබාධයකට ලක් වූ ලසිත් මාලිංග දෙවන තරඟයට සහභාගී නොවේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය 26 දින ආරම්භ වීමට නියමිතය.
|




















