|
කොළඹ සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාලාභීන්ගේ සංගමයක් |
|
|
|
|
2010 ජූලි 25 වෙනි ඉරිදා, 10:48 |
|
(කොළඹ, ලංකාපුවත්) – කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාලාභීන්ගේ සංගමයක් පිහිටුවීමට විශ්ව විද්‍යාල ජනමාධ්‍ය ඒකකය පියවර ගනී.
කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ වූ ප්‍රථම ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවවේ.
1986 වසරේදි ආරම්භ වූ එම පාඨමාලාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන්ම අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන එකම විශ්වවිද්‍යාල ජනමාධ්‍ය පාඨමාලාව වනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒකකයේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් වලේබොඩ මහතා සඳහන් කර සිටියේ ලබන අගෝස්තු මස 21වනදා එම විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී පෙරවරු 9.15ට ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරීන්ගේ සමාරම්භක රැස්වීම පැවැත්වෙන බවය.
එදින ව්‍යවස්ථාව සම්මත කර නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම සිදුවේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 011 – 2500431යන දුරකථන අංකයෙන් ලබා ගත හැක.
|