|
බර ඉසිලීමේ ඉසව්වට නව වාර්තා ත්‍රිත්වයක් |
|
|
|
|
2010 ජූලි 25 වෙනි ඉරිදා, 14:33 |
|
(කොළඹ, ලංකාපුවත්) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආර්.පී.එමි.එස්. විජයරත්න සහ එස්.ඩි. පේදුරුආරචිචි විසින් බර ඉසිලීමේ ඉසව්වෙන් නව වාර්තා පිහිටුවූහ.
ඔවුන් බිඳ දැමූයේ ඔවුන්ගේම වාර්තා වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා උළෙල සඳහා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම සඳහා බර ඉසීලීමේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවති තරගවලදී ඔවුන් විසින් මෙම නව වාර්තා පිහිටුවන ලදී.
පේදුරුආරචිචි කි‍්‍රඩිකාව විසින් කි.ග‍්‍රැ 48 බරපන්තිය යටතේ තරග වදිමින් ස්නැචි ක‍්‍රමයට ඇය විසින් පිහිටා තිබු කි.ග‍්‍රැ 52ක තරග වාර්තාව අභිබවා යමින් කි.ග‍්‍රැ 57 ඔසවමින් සහ මුළු බර ප‍්‍රමාණය කි.ග‍්‍රැ 112ක් ඔසවමින් ඇය විසින් පිහිටුවා තිබු පෙර වාර්තාව අභිබවා යමින් කි.ග‍්‍රැ 119ක් ඔසවමින් නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් පිහිටවීමට සමත් විය.
පිරිමි කි.ග‍්‍රැ 105 බරපන්තිය යටතේ තරග වදිමින් ආර්.පී.එමි.එස්. විජයරත්න කි‍්‍රඩකයා විසින් ස්නැචි ක‍්‍රමයට ඔහු විසින් පිහිටා තිබු කි.ග‍්‍රැ 133ක තරග වාර්තාව අභිබවා කි.ග‍්‍රැ 134ක් ඔසවමින්ද නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවන ලදී.
|