| ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අද සිට |
|
|
|
| 2010 ජූලි 26 වෙනි සදුදා, 09:44 | |||
|
අද තරගයේ ශ්‍රී ලංකා සංචිතයට කුමාර් සංගක්කාර (නායක) තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රසන්න ජයවර්ධන, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, සුරාජ් රන්දීව්, රංගන හේරත් ඇතුළත් කර තිබේ. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට විරේන්ද්‍ර ෂෙවාග්, ගෞතම් ගම්බීර්, සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ්, වෙන්කට්සායි ලක්ෂ්මන්, යුවරාජ් සිං, හර්බජන් සිං, ප්‍රග්යාන් ඕජා, අමිත් මිෂ්රා, අභිමාන්යු මිතුන්, මුනාෆ් පටෙල්, ඉෂාන්ට් ෂර්මා නම් කර තිබේ. පසුගිය සතියේ ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකාව කඩුලු 10ක ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කළ අතර පන්දු යැවීමේ ලෝක වාර්තාව උසුලන ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් කඩුලු 800 සම්පූර්ණ කරමින් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගත්තේය. මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙරටදී පවත්වා ඇති ටෙස්‌ට් තරග 16 න් 6ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඉන්දියාවට තරග 3 ජය හිමිව තිබේ.
|
|||
| අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 26 වෙනි සදුදා, 09:50 ) |




















