බැනරය
බැනරය
දෙවැනි ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 27 වෙනි අඟහරුවාදා, 11:11

(කොළඹ, ලංකාපුවත්) ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම විසින් කඩුලු 2 කට ලකුණු 312 ක් ලබා ප්‍රභල ඉනිමක් ආරම්භ කරන ලදී.

නායක කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 130ක් රැස් කරගත් අතර උපනායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තරංග පරණවිතාන ශතකයක් රැස් කළ අතර තිලකරත්න ඩිල්ශාන් ලකුණු 54ක් රැස් කළේය.

පන්දු යැවීමේදි ඉෂාන්ත් ෂර්මාප්‍රග්යාන් ඕජා එක් කඩුල්ල බැගින් ලබා ගත්හ. ඊයේ තරගයේදි සුරාජ් රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අතර සුරේෂ් රයිනා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගත්තේය.

අද (27) තරගයේ දෙවැනි දිනයයි.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 27 වෙනි අඟහරුවාදා, 11:34 )
 

Ads

wap

Ads