|
වී වගාව පිළිබද ක්ෂේත්‍ර වැඩමුළුවක් බතලගොඩ දී |
|
|
|
|
2010 ජූලි 28 වෙනි බදාදා, 11:19 |
|
(කොළඹ-ලංකාපුවත්) වී වගාව පිළිබද උනන්දුවක් දක්වන පුද්ගලයින් වෙනුවෙන් සංවිධානය කෙරෙන ක්ෂේත්‍ර වැඩමුළුවක් ජුලි මස 28 සහ 29 දෙදින තුළ පෙ.ව 09 සිට ප.ව 03 දක්වා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී පැවැත්වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇති මෙම වැඩමුළුවේ දී වී වගාවට අදාළ විවිධ ක්ෂේත්‍ර රැසක් පිළිබදව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම සදහා කටයුතු සංවිධානය කර ඇත.ඒ යටතේ නව නිර්දේශිත වී ප්‍රභේද ,වී වගාවට හානි කරන ලෙඩරෝග, පලිබෝධ පාලන ක්‍රම ,නව වගා ක්‍රම සහ සහල් ආශ්‍රිත නව නිෂ්පාදන ආදිය පිළිබද ව සජීවි ලෙස අධ්‍යයනය කිරීමේ අවස්ථාව මෙයට සහභාගි වන්නන්ට ලැබේ.
සහල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබදව වැඩමුළුවක් හා ඒ හා සම්බන්ධ අතුරු නිෂ්පාදන සැකසීම හා ප්‍රදර්ශනයක් ද සංවිධානය කර ඇති අතර ස්වයං රැකියා අපේක්ෂා කරන්නන්ට මෙම අවස්ථාව ඉතා ඵලදායී වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් මාත්කෝට්ටේ මහතා පවසයි.
|