බැනරය
බැනරය
Net Meter System ප්‍රථම අදියර අද දියත්වේ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 30 වෙනි සිකුරාදා, 11:52

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්මික කදිම මීටර් පද්ධතිය (Net Meter System) විවෘත කිරීම අද(30) සිදුවේ.

ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන කිලෝවොට් 25ක ධාරිතාවයකින් යුත් ප්‍රථම ‘නෙට් මීටරින්’ විදුලි පද්ධතිය විවෘත කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට නිකිනි ඔටෝමේෂන් සිස්ටම් පුද්ගලික සමාගමේ දී දියත් කෙරේ. 

නිරන්තරයෙන් වැඩිවන ගෘහස්ථ විදුලි ඉල්ලුමට සාර්ථක පිළියමක් වශයෙන් තිම් ෆිල්ම් තාක්ෂණය යටතේ සූර්ය කෝෂ භාවිතා කරමින් ගෘහස්ත පාරිභෝගිකයින්ට විදුලිය නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමවේදයක් මෙයින් හදුන්වා දෙයි.

මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා අවශ්‍ය විදුලිය උත්පාදනය කරගැනීමට මෙයින් හැකියාව ලැබේ.