|
ඛනිජ තෙල් සංස්ථාව පරිසරයට හිතකර ලිහිසි තෙල් නිපදවයි |
|
|
|
|
2010 ජූලි 30 වෙනි සිකුරාදා, 14:26 |
|
(කොළඹ-ලංකාපුවත්) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පරිසර හිතකාමී ලිහිසි තෙල් හා ලිහිසර (ග්‍රීස්) වෙළඳපළට හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
වෙළඳපල තුළ මේ සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ඛනිජ තෙල් සංස්ථාව මගින් ලිහිසි තෙල් නව මාදිළියකින් වෙළඳපළට හඳුන්වාදීම අංශ කිහිපයකින් වැදගත් වේ.
මෙම නිෂ්පාදන, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමත නිර්දේශ අවශ්‍ය ප්‍රමාණයටත් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වන අතර ඇමරිකානු ප්‍රෙට්ට්‍රෝලියම් ආයතනයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල ලෙස සකසා තිබේ.
මේ නිසා රථ වාහනවල එන්ජින් ක්‍රියා කිරීමේදී පරිසරයට නිකුත්වන හානිකර වායූන් අවම කිරීමට හැකියාව ලැබේ. වාහනවල එන්ජින් ක්‍රියා කිරීමේදී විමෝචනය අවම වීමද මෙහි ඇති විශේෂත්වයකි.
එසේම මෙම ලිහිසි තෙල් වර්ගය අලෙවියෙන් ඛනිජ තෙල් සංස්ථාව මසකට රුපියල් මිලියන 100ක පමණ ආදායමක් ඉපයීමට සමත්ව ඇත.
ඉහළ ප්‍රමිතිය තවදුරටත් ආරක්ෂා කරගත යුතු නිසා මෙම ලිහිසි තෙල් හා ග්‍රීස් ලබාගත හැක්කේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදුම්හල්වලින් පමණක් බවද ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
|