බැනරය
ව්‍යාපාරික
මුරුන්ගන් හා පරන්තන් බීජ නිෂ්පාදන ගොවිපළ යළි පණ ලබයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 16 වෙනි සිකුරාදා, 12:31

(කොළඹ-ලංකාපුවත්) මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුරුන්ගන් බීජ නිෂ්පාදන ගොවිපළ හා කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පරන්තන් බීජ නිෂ්පාදන ගොවිපළ නැවත නඟාසිටුවීමට රජය තීරණය කර ඇත.

ජයිකා ඒජන්සිය යටතේ ප‍්‍රතිපාර්ශවීය අරමුදලින් හා ශ‍්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදලින් මෙම ගොවිපළ යළි ස්ථාපනය කෙරේ.

වසර තුනක් තුළදී මෙම ගොවිපළ දෙක නැවත ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා ජයිකා ආයතනය වෙතින් රුපියල් මිලියන 156.9ක් ද ශ‍්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 42ක්ද වශයෙන් රුපියල් මිලියන 198.9ක මුදලක් යෙදවීමට අපේක්ෂා කෙරේ.
 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 3 / 271

Ads

wap

Ads