ක්‍රීඩා
ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 12:28

(කොළඹ, ලංකාපුවත්, පෙබරවාරි 09) ඉන්දියාවේ පැවති ප්‍රථම ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් 11ක් දිනා ගැනීමට සමත්විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රිදී පදක්ම් 06 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් හිමි විය.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූජ්‍යෝ නගරයේ ශිවචක්‍රපති ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රීඩා උළෙල සඳහා රටවල් 10ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 1500ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදි වයස අවුරුදු 30, 35, 40, 45, 50, 55, 60, 65, 70, 75, 80 ආදී වයස් කාණ්ඩ 11ක යටතේ කාන්තා හා පිරිමි ඉසව්වලින් තරග පැවැත්විණි.

උදුලා පීරිස් මීටර් 200 දිවීම රිදී පදක්කමක් හා මීටර් 100 කඩුළු පැනීම ලෝකඩ පදක්කමක්ද සිඩ්නි බර්නාඩ් රත්නායක මීටර් 5000 ඇවිදීම තරගයෙන් 10 වන ස්ථානයට හිමි ලෝකඩ පදක්කම ද ජේ. ඒ. ශ්‍යාම් කුමාර මීටර් 800 දිවීම රිදී පදක්කමක්ද ඒ සුදුසිංහ මීටර් 110 කඩුළු පැනීම රිදී පදක්කමක් ද මීටර් 400 කඩුළු පැනීම ලෝකඩ පදක්කමක් ද ජේ. ඒ. වීරසූරිය මීටර් 5000 ඇවිදීම රන් පදක්කමක්ද ඩී. කේ.

ජේ. පී. නාමසිරි මීටර් 400 දිවීම රිදී පදක්කමක්ද එස්. සුබසිංහ මීටර් 200 දිවීම රිදී පදක්කමක් හා මීටර් 400 දිවීම රිදී පදක්කමක් ද දිනාගෙන තිබේ.

ඉන්දියාවේ ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 690

Ads

wap

Ads