|
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උළෙල අදයි |
|
|
|
|
2009 මාර්තු 04 වෙනි බදාදා, 10:36 |
|
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 04) – කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය සංවිධානය කරනු ලබන ‘2009 කලා උළෙල’ අද(04) පැවැත්වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ නව රඟහලේ දී සවස 2.00ට මෙය ආරම්භ කරන බව එහි සංවිධායක මණ්ඩලයේ නිලධාරියෙකු ලංකාපුවත් සේවයට පැවසීය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ කෙටි කතා, පද්‍ය නිර්මාණ, නර්ථන, ගායන, නිවේදන මෙන්ම පසුගියදා පැවති කෙටි නාට්‍ය තරඟයේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය ද මෙහිදී සිදුකෙරේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනී ශානිකා හිරිඹුරේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කලා උළෙල පැවැත්වේ. චානක ඉනෝජ් විසිනි. 10:42:13 |