|
(කොළඹ, ලංකාපුවත්, පෙබරවාරි 06) – ප්‍රේක්ෂකයන් සිනහ සයුරක ගිල් වූ ‘සිකුරු හතේ’ චිත්‍රපටය නැවතත් පසුගිය බ්‍රහස්පතින්දා(04) සිට රිදී තිරය හරහා ඔබ හමු වෙයි.
ගිරිරාජ් කෞශල්‍ය තම කුලුඳුල් අධ්‍යක්ෂණය වශයෙන් රිදී තිරයට ‘සිකුරු හතේ’ තිළිණ කරනු ලැබීය. මෙවර M P I, L F D මණ්ඩලයේ සිනමාහල්වලත් තරු මණ්ඩලයේ සිනමාහල් සියල්ලේත් සිකුරු හතේ නැවත ප්‍රදර්ශනය කරනු ඇත. 2007 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට අතුරින් වාර්තාගත ආදායමකට හිමිකම් කී මෙම චිත්‍රපටය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ දී ජනප්‍රියම නළුවා සම්මානය විජය නන්දසිරිට ද, නැඟී එන හොඳම නිළියට හිමි සම්මානය හිමාලි සයුරංගි ද දිනා ගත්හ. මීට අමතරව සිග්නීස් සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය සහ සරසවිය, සිග්නීස් සිනමා උළෙල දෙකෙහිදීම විශිෂ්ට කුසලතා සම්මානයන්ගෙන් ද පිදුම් ලැබූහ. මේ සඳහා විජය නන්දසිරි, අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, වීණා ජයකොඩි, සුසිලා කෝට්ටගේ, සුරාජ් මාපා, අනර්කලී ආකර්ෂා, හිමාලි සයුරංගි, රොඩ්නි වර්ණකුල, හේමන්ත ඊරියගම, ඇන්ටන් ජූඩ්, ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු නළු නිළියන් රැසක් රංගන දායකත්වය ලබාදේ. මඟුල් කපුවකු වශයෙන් තම ජීවන වෘත්තියේ යෙදෙන මංගල ජය කපුමහතා එදිනෙදා තම කටයුතු මධ්‍යයේ මුහුණ දෙන හාස්‍යෝත්පාදක සිදුවීම් මාලාවක් වටා සිකුරු හතේ ගෙතී තිබේ. |