බැනරය
බැනරය
ආරක්ෂක
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවයට ඉන්දීය යුද හමුදාපති ශ්‍රී ලංකාවට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා, 13:20

(කොළඹ-ලංකාපුවත්) ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් විජය කුමාර් සිං මහතා පස් දින නිළ සංචාරයක් සඳහා හෙට (05) දිවයිනට පැමිණේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමි‍ණෙන සිං මහතා අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්කෙරේ.

වී.කේ. සිං මහතා, ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක බළකාය  සිදුකළ ‘පවන්’ මෙහෙයුමේදී විශිෂ්ට සේවාවක් සිදුකළ උසස් හමුදා නිළධාරියෙකි.
 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 1573

Ads

wap

Ads